>
skip to main |
skip to sidebar
සුන්දරතම වූත් අදුරු මතකයන්ද සමග පනහේ දශකයට මොහොතක් මා සිත පියමැන්නේය
මමද කරුවල කාමරවල ඉපදුන පරපුරේ අයෙක්මි.අඹ, කජු පුහුලන්, කරඹ, එරමිණියා, දමින්න, වෙරළු ආදී ගඩා ගෙඩි කමින්, වැවි පිට්ටනියේ ගුඩු පනිමින්, වැවෙන් හෝ ඔයෙන් හෝ නාගෙන කොළු රැල සමග ගතකළ ඒ මිහිරි ජීවිතය සිහිනයක් මෙනි.ඇඹුල් පොල්පිත්තෙන් ගොන්බානක් කපාගත් මම නංගීට කුරුම්බැට්ටි මැෂිමක් තනා දුන්නෙමි.උණ බටයෙන් තුවක්කුවක් තනාගෙන එයට වල් පාවට්ටා පොකුරකින් ගෙඩියක් ඔබා වෙඩි තැබුවේ අල පදුරුවලටය.සමනලයෙකුට හෝ කුරුල්ලෙකුට උණබට තුවක්කුව විහිළුවකට වත් එල්ලනොකළේ දහම් පාසලෙන් කියාදුන් අපාය බය නිසාමය...
බිම්කරුවළ වැටෙන විට ගමේ ගෙවල්වල පත්තු කළේ භූමිතෙල් කුප්පි ලාම්පුවයි.නොම්මර පහලොවේ ලාම්පුව, ග්ලෝ ලාම්පුව හෝ කිට්සන් ලාම්පුව හෝ පත්තු කලේ ඉස්තෝප්පුව හා මැද සාලයටයි.ඒ කාලයේ රුපියල් හතලිස් පහක් පමණ වූ පැට්‍රෝමැක්ස් ලාම්පු තිබුනේ ගෙවල් කිහිපයකටය.සැම ළමයෙක්ම ඉස්කෝලේ කළු ලෑල්ල කළුකිරීමට ලාම්පු දැලි හා එඩරු කිරි ගෙන යා යුතුය.අපි කුප්පියකට වැට එඩරු කිරි එකතු කෙරුවෙමු.කුප්පි ලම්පුවට බෙළෙක් තැටියක් අල්ලා ලාම්පු දැලිද එකතු කෙරුවෙමු.දවල්ට ඉස්කෝලෙන් දෙන දිවා ආහාරය කෑමට ගෙදරින් පිගානක් අරගෙන ගියෙමු.
පාඩම් මහත්තයා එන දවසට පාසලත්, ගුරු නිවාසයත් මගුල් ගෙදරක් වාගේය.එදාට සෑම ළමයෙක්ම පොල්තෙල් ගා හිස පීරා පිරිසිදුවට ඇදුම් ඇදගෙන ආවෝය.ඉස්කෝලේ ලොකු මහත්තයා හෝ වෙන ගුරුමණ්ඩලේ අයෙකු හෝ කතා කරන විට අපි එහෙයි එහෙමයි කියා ඒවා පිළිගතිමු.ලොකු මහත්තයා, දෙවෙනි මහත්තයා, ඉංග්‍රීසි මහත්තයා, අත්වැඩ මහත්තයා, භූගෝල මහත්තයා, ඉතිහාස මහත්තයා ආදී ගුරුවරුන්ගේ නම්ය. අපි ගුරුවරියන් ඇමතුවේ නෝනා මහත්තයා යනුවෙනි.පාඩමක් ඉවරවී අලුත් පාඩමක් පටන් ගන්නා විට සියළු ළමයි තුන් වරක් සිට ගනිති.ඉද ගනිති. ඉදින්- සිටින්, ඉදින්- සිටින්, ඉදින්- සිටින් විධානය ගුරුතුමාගේය.ගමේ පාසල් නොයන ළමයි ගැන සොයා බැලීමට නඩු මහත්තයා ඉද හිට ආවේය.එතුමා ආවේ බී.ඇස්.ඒ. වර්ගයේ මෝටර් සයිකලයෙනි.නඩු දාන මහත්තයා එන ආරංචියට පාසල් නො ආ ළමයිනුත් පාසල් ආවෝය...
වයර්ලස් එක දැම්මේ අප්පොච්චා පමණකි.අපට එය දාන්න දුන්නේ නැත.පොල්ගස් දෙකක බැදි කම්බියක්ද මැදින් වයර්ලස් එකට බැදි කම්බියක්ද එහි තිබුණි.හුරුබුහුටි හතරැස් බැටරියක්ද වයර්ලස් එකට සවිකර තිබුණේය.වයර්ලස් බැටරිය බහින විට අව්වේ තබා යලි සවිකරයි. '' පුංචි සුදා සුදු කැටියා කොයිබද උදයේ...'' ගීතය මා මුලින්ම වයර්ලස් එකෙන් ඇසූ ගීතයයි.
කිරි අත්තලා, කිරි අම්මලා, පමණක් නොව මගේ අම්මා අප්පොච්චී හා නංගීද අද අප අතර නැත.අපි සමග රන්ඩු උන ලොකු අප්පුච්චා, මුදලි බාප්පා, පුංචිරාළ බාප්පා, රාළයියාද නැත.මහගෙදර කඩා දමා අළුත් ගෙවල් බිහිවී දැන් ඒවාද පාළුවට ගිහින්ය.වත්තේ කැලෑව වැවී තිබේ.පොල්ගස් කනාටු වී තිබේ.මම කුමට ගමට යායුතුද... කවුරු බලන්නද... මගේ ළමා කාලය වූයේ පණහේ දශකයයි...
( සුන්දරතම වූත් අදුරු මතකයන්ද සමග පනහේ දශකයට මොහොතක් මා සිත පියමැන්නේය )

( සුන්දරතම වූත් අදුරු මතකයන්ද සමග පනහේ දශකයට මොහොතක් මා සිත පියමැන්නේය )බිම්කරුවළ වැටෙන විට ගමේ ගෙවල්වල පත්තු කළේ භූමිතෙල් කුප්පි ලාම්පුවයි.නොම්මර පහලොවේ ලාම්පුව, ග්ලෝ ලාම්පුව හෝ කිට්සන් ලාම්පුව හෝ පත්තු කලේ ඉස්තෝප්පුව හා මැද සාලයටයි.ඒ කාලයේ රුපියල් හතලිස් පහක් පමණ වූ පැට්‍රෝමැක්ස් ලාම්පු තිබුනේ ගෙවල් කිහිපයකටය.සැම ළමයෙක්ම ඉස්කෝලේ කළු ලෑල්ල කළුකිරීමට ලාම්පු දැලි හා එඩරු කිරි ගෙන යා යුතුය.අපි කුප්පියකට වැට එඩරු කිරි එකතු කෙරුවෙමු.කුප්පි ලම්පුවට බෙළෙක් තැටියක් අල්ලා ලාම්පු දැලිද එකතු කෙරුවෙමු.දවල්ට ඉස්කෝලෙන් දෙන දිවා ආහාරය කෑමට ගෙදරින් පිගානක් අරගෙන ගියෙමු.පාඩම් මහත්තයා එන දවසට පාසලත්, ගුරු නිවාසයත් මගුල් ගෙදරක් වාගේය.එදාට සෑම ළමයෙක්ම පොල්තෙල් ගා හිස පීරා පිරිසිදුවට ඇදුම් ඇදගෙන ආවෝය.ඉස්කෝලේ ලොකු මහත්තයා හෝ වෙන ගුරුමණ්ඩලේ අයෙකු හෝ කතා කරන විට අපි එහෙයි එහෙමයි කියා ඒවා පිළිගතිමු.ලොකු මහත්තයා, දෙවෙනි මහත්තයා, ඉංග්‍රීසි මහත්තයා, අත්වැඩ මහත්තයා, භූගෝල මහත්තයා, ඉතිහාස මහත්තයා ආදී ගුරුවරුන්ගේ නම්ය. අපි ගුරුවරියන් ඇමතුවේ නෝනා මහත්තයා යනුවෙනි.පාඩමක් ඉවරවී අලුත් පාඩමක් පටන් ගන්නා විට සියළු ළමයි තුන් වරක් සිට ගනිති.ඉද ගනිති. ඉදින්- සිටින්, ඉදින්- සිටින්, ඉදින්- සිටින් විධානය ගුරුතුමාගේය.ගමේ පාසල් නොයන ළමයි ගැන සොයා බැලීමට නඩු මහත්තයා ඉද හිට ආවේය.එතුමා ආවේ බී.ඇස්.ඒ. වර්ගයේ මෝටර් සයිකලයෙනි.නඩු දාන මහත්තයා එන ආරංචියට පාසල් නො ආ ළමයිනුත් පාසල් ආවෝය...වයර්ලස් එක දැම්මේ අප්පොච්චා පමණකි.අපට එය දාන්න දුන්නේ නැත.පොල්ගස් දෙකක බැදි කම්බියක්ද මැදින් වයර්ලස් එකට බැදි කම්බියක්ද එහි තිබුණි.හුරුබුහුටි හතරැස් බැටරියක්ද වයර්ලස් එකට සවිකර තිබුණේය.වයර්ලස් බැටරිය බහින විට අව්වේ තබා යලි සවිකරයි. '' පුංචි සුදා සුදු කැටියා කොයිබද උදයේ...'' ගීතය මා මුලින්ම වයර්ලස් එකෙන් ඇසූ ගීතයයි.කිරි අත්තලා, කිරි අම්මලා, පමණක් නොව මගේ අම්මා අප්පොච්චී හා නංගීද අද අප අතර නැත.අපි සමග රන්ඩු උන ලොකු අප්පුච්චා, මුදලි බාප්පා, පුංචිරාළ බාප්පා, රාළයියාද නැත.මහගෙදර කඩා දමා අළුත් ගෙවල් බිහිවී දැන් ඒවාද පාළුවට ගිහින්ය.වත්තේ කැලෑව වැවී තිබේ.පොල්ගස් කනාටු වී තිබේ.මම කුමට ගමට යායුතුද... කවුරු බලන්නද... මගේ ළමා කාලය වූයේ පණහේ දශකයයි...( සුන්දරතම වූත් අදුරු මතකයන්ද සමග පනහේ දශකයට මොහොතක් මා සිත පියමැන්නේය )
බිම්කරුවළ වැටෙන විට ගමේ ගෙවල්වල පත්තු කළේ භූමිතෙල් කුප්පි ලාම්පුවයි.නොම්මර පහලොවේ ලාම්පුව, ග්ලෝ ලාම්පුව හෝ කිට්සන් ලාම්පුව හෝ පත්තු කලේ ඉස්තෝප්පුව හා මැද සාලයටයි.ඒ කාලයේ රුපියල් හතලිස් පහක් පමණ වූ පැට්‍රෝමැක්ස් ලාම්පු තිබුනේ ගෙවල් කිහිපයකටය.සැම ළමයෙක්ම ඉස්කෝලේ කළු ලෑල්ල කළුකිරීමට ලාම්පු දැලි හා එඩරු කිරි ගෙන යා යුතුය.අපි කුප්පියකට වැට එඩරු කිරි එකතු කෙරුවෙමු.කුප්පි ලම්පුවට බෙළෙක් තැටියක් අල්ලා ලාම්පු දැලිද එකතු කෙරුවෙමු.දවල්ට ඉස්කෝලෙන් දෙන දිවා ආහාරය කෑමට ගෙදරින් පිගානක් අරගෙන ගියෙමු.පාඩම් මහත්තයා එන දවසට පාසලත්, ගුරු නිවාසයත් මගුල් ගෙදරක් වාගේය.එදාට සෑම ළමයෙක්ම පොල්තෙල් ගා හිස පීරා පිරිසිදුවට ඇදුම් ඇදගෙන ආවෝය.ඉස්කෝලේ ලොකු මහත්තයා හෝ වෙන ගුරුමණ්ඩලේ අයෙකු හෝ කතා කරන විට අපි එහෙයි එහෙමයි කියා ඒවා පිළිගතිමු.ලොකු මහත්තයා, දෙවෙනි මහත්තයා, ඉංග්‍රීසි මහත්තයා, අත්වැඩ මහත්තයා, භූගෝල මහත්තයා, ඉතිහාස මහත්තයා ආදී ගුරුවරුන්ගේ නම්ය. අපි ගුරුවරියන් ඇමතුවේ නෝනා මහත්තයා යනුවෙනි.පාඩමක් ඉවරවී අලුත් පාඩමක් පටන් ගන්නා විට සියළු ළමයි තුන් වරක් සිට ගනිති.ඉද ගනිති. ඉදින්- සිටින්, ඉදින්- සිටින්, ඉදින්- සිටින් විධානය ගුරුතුමාගේය.ගමේ පාසල් නොයන ළමයි ගැන සොයා බැලීමට නඩු මහත්තයා ඉද හිට ආවේය.එතුමා ආවේ බී.ඇස්.ඒ. වර්ගයේ මෝටර් සයිකලයෙනි.නඩු දාන මහත්තයා එන ආරංචියට පාසල් නො ආ ළමයිනුත් පාසල් ආවෝය...වයර්ලස් එක දැම්මේ අප්පොච්චා පමණකි.අපට එය දාන්න දුන්නේ නැත.පොල්ගස් දෙකක බැදි කම්බියක්ද මැදින් වයර්ලස් එකට බැදි කම්බියක්ද එහි තිබුණි.හුරුබුහුටි හතරැස් බැටරියක්ද වයර්ලස් එකට සවිකර තිබුණේය.වයර්ලස් බැටරිය බහින විට අව්වේ තබා යලි සවිකරයි. '' පුංචි සුදා සුදු කැටියා කොයිබද උදයේ...'' ගීතය මා මුලින්ම වයර්ලස් එකෙන් ඇසූ ගීතයයි.කිරි අත්තලා, කිරි අම්මලා, පමණක් නොව මගේ අම්මා අප්පොච්චී හා නංගීද අද අප අතර නැත.අපි සමග රන්ඩු උන ලොකු අප්පුච්චා, මුදලි බාප්පා, පුංචිරාළ බාප්පා, රාළයියාද නැත.මහගෙදර කඩා දමා අළුත් ගෙවල් බිහිවී දැන් ඒවාද පාළුවට ගිහින්ය.වත්තේ කැලෑව වැවී තිබේ.පොල්ගස් කනාටු වී තිබේ.මම කුමට ගමට යායුතුද... කවුරු බලන්නද... මගේ ළමා කාලය වූයේ පණහේ දශකයයි...( සුන්දරතම වූත් අදුරු මතකයන්ද සමග පනහේ දශකයට මොහොතක් මා සිත පියමැන්නේය )බිම්කරුවළ වැටෙන විට ගමේ ගෙවල්වල පත්තු කළේ භූමිතෙල් කුප්පි ලාම්පුවයි.නොම්මර පහලොවේ ලාම්පුව, ග්ලෝ ලාම්පුව හෝ කිට්සන් ලාම්පුව හෝ පත්තු කලේ ඉස්තෝප්පුව හා මැද සාලයටයි.ඒ කාලයේ රුපියල් හතලිස් පහක් පමණ වූ පැට්‍රෝමැක්ස් ලාම්පු තිබුනේ ගෙවල් කිහිපයකටය.සැම ළමයෙක්ම ඉස්කෝලේ කළු ලෑල්ල කළුකිරීමට ලාම්පු දැලි හා එඩරු කිරි ගෙන යා යුතුය.අපි කුප්පියකට වැට එඩරු කිරි එකතු කෙරුවෙමු.කුප්පි ලම්පුවට බෙළෙක් තැටියක් අල්ලා ලාම්පු දැලිද එකතු කෙරුවෙමු.දවල්ට ඉස්කෝලෙන් දෙන දිවා ආහාරය කෑමට ගෙදරින් පිගානක් අරගෙන ගියෙමු.පාඩම් මහත්තයා එන දවසට පාසලත්, ගුරු නිවාසයත් මගුල් ගෙදරක් වාගේය.එදාට සෑම ළමයෙක්ම පොල්තෙල් ගා හිස පීරා පිරිසිදුවට ඇදුම් ඇදගෙන ආවෝය.ඉස්කෝලේ ලොකු මහත්තයා හෝ වෙන ගුරුමණ්ඩලේ අයෙකු හෝ කතා කරන විට අපි එහෙයි එහෙමයි කියා ඒවා පිළිගතිමු.ලොකු මහත්තයා, දෙවෙනි මහත්තයා, ඉංග්‍රීසි මහත්තයා, අත්වැඩ මහත්තයා, භූගෝල මහත්තයා, ඉතිහාස මහත්තයා ආදී ගුරුවරුන්ගේ නම්ය. අපි ගුරුවරියන් ඇමතුවේ නෝනා මහත්තයා යනුවෙනි.පාඩමක් ඉවරවී අලුත් පාඩමක් පටන් ගන්නා විට සියළු ළමයි තුන් වරක් සිට ගනිති.ඉද ගනිති. ඉදින්- සිටින්, ඉදින්- සිටින්, ඉදින්- සිටින් විධානය ගුරුතුමාගේය.ගමේ පාසල් නොයන ළමයි ගැන සොයා බැලීමට නඩු මහත්තයා ඉද හිට ආවේය.එතුමා ආවේ බී.ඇස්.ඒ. වර්ගයේ මෝටර් සයිකලයෙනි.නඩු දාන මහත්තයා එන ආරංචියට පාසල් නො ආ ළමයිනුත් පාසල් ආවෝය...වයර්ලස් එක දැම්මේ අප්පොච්චා පමණකි.අපට එය දාන්න දුන්නේ නැත.පොල්ගස් දෙකක බැදි කම්බියක්ද මැදින් වයර්ලස් එකට බැදි කම්බියක්ද එහි තිබුණි.හුරුබුහුටි හතරැස් බැටරියක්ද වයර්ලස් එකට සවිකර තිබුණේය.වයර්ලස් බැටරිය බහින විට අව්වේ තබා යලි සවිකරයි. '' පුංචි සුදා සුදු කැටියා කොයිබද උදයේ...'' ගීතය මා මුලින්ම වයර්ලස් එකෙන් ඇසූ ගීතයයි.කිරි අත්තලා, කිරි අම්මලා, පමණක් නොව මගේ අම්මා අප්පොච්චී හා නංගීද අද අප අතර නැත.අපි සමග රන්ඩු උන ලොකු අප්පුච්චා, මුදලි බාප්පා, පුංචිරාළ බාප්පා, රාළයියාද නැත.මහගෙදර කඩා දමා අළුත් ගෙවල් බිහිවී දැන් ඒවාද පාළුවට ගිහින්ය.වත්තේ කැලෑව වැවී තිබේ.පොල්ගස් කනාටු වී තිබේ.මම කුමට ගමට යායුතුද... කවුරු බලන්නද... මගේ ළමා කාලය වූයේ පණහේ දශකයයි...( සුන්දරතම වූත් අදුරු මතකයන්ද සමග පනහේ දශකයට මොහොතක් මා සිත පියමැන්නේය )
Post a Comment