කාලික වකුගඩු අකරණය
CHRONIC RENAL FAILURE
අපි වකුගඩුව හදුනා ගනිමු.
පිහිටිම - ශරිරයේ පහල උදරයේ පිටුපස වන්නට යුගලක් ලෙස (එක් වකුගඩුවක් තිබිම අවමයෙන් ප්‍රමාණවත්ය)
බර - සාමාන්‍ය යෙන් 120g 150 ත් පමණ වේ.
ප්‍රමාණය - අපේ අත මිටට සමානය
පැහැය - රත් පැහැය
හැඩය - බෝංචි ඇටයට සමානය
වකුගඩුවක් මගින් ඉටු කරන කාර්යයන්
වකුගඩු වල ප්‍රධාන ක්‍රියාකාරිත්වය වනුයේ ශරිරයේ පැවැත්මට අවශ්‍ය ද්‍රව්‍ය උරා ගැනීමෙන් අනවශ්‍ය ද්‍රව්‍ය පිට කිරීමයි. මේ හා සම්බන්ධ වු ප්‍රධාන ක්‍රියාකාරකම් 07 ක් ඇත.
01. අප ද්‍රව්‍ය බැහැර කිරීම.
යුරියා නයිට්‍රජන් , ක්‍රියෙටිනින්, යුරික් අම්ල සහ හෝමෝන වර්ග මුත්‍රා මගින් පිට කරනු ලබයි.මෙයට අමතරව යකඩ, බෙහෙත් වර්ග , ධුලක වැනි දෑ ද බැහැර කරනු ලබයි.
02. දියර ධාරණය සමතුලිතව පවත්වා ගැනිම.
ශරිරයට අවශ්‍ය දියර ප්‍රමාණය සමතුලිතව පවත්වා ගෙන යන අතර මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම සමග මුත්‍රා පැහැය වෙනස් කරවයි. ශරිරයේ අධික දියර ධාරණය මගින් මුත්‍රා පිට කිරීමේ වාර ගණන වැඩි කරයි. වකුගඩු අකරණයේදී මුත්‍රා පිටවීම අඩු විමෙන් මෙය වෙනස් වී දියර ප්‍රමාණය ශරිරයේ තැන්පත් වේ.
03. විද්‍යුත් ශ්ලථ සමබරව පවත්වා ගෙන යාම.
වකුගඩුව මගින් සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්,මැග්නිසියම්, පොස්පරස්,බයිකාබනේට් සමතුලිතව පවත්වා ගෙන යන අතර මෙම විද්‍යුත් ශ්ලථිකයන් සමබරව නොපැවැත්වීමෙන් පුද්ගලයෙකු මරණාසන්න තත්ත්වයකට පත්විය හැක.
04. රුධිරය මෘදු ක්ෂාරිය ලෙස පවත්වා ගැනීම.
අම්ල සමග කාබනේට් මිශ්‍ර කිරිමෙන් රුධිරය මෘදුව සහ ක්ෂාරියව පවත්වාගෙන යාමට වකුගඩුව උපකාරි වේ. වකුගඩු අකරණයේදී ශරිරයේ තැන්පත් වු අම්ල වකුගඩු මගින් ධාරණය කිරිමට නොහැකිවීමෙන් රුධිරය අම්ල බවට පත්විය හැක. සාමාන්‍යයෙන් රුධිරය ක්ෂාර විය යුතුය.
05. එරිත්‍රොපොයටින් නිපදවිම.

රතු රක්තානු නිපදවන්නේ ඇට මිදුලු තුලය. වකුගඩු තුල ඇති එරිත්‍රොපොයිටින් මගින් මේ කාර්යය සිඝ්‍ර කරයි. වකුගඩු අකරණයේදී රක්තානු නිෂ්පාදනය සාමාන්‍ය තත්තවයට වඩා අඩු වීමෙන් මෙය නිරක්තිය ඇති විමට හේතු විය හැක.
06. බී.විටමින් සක්‍රිය කිරීම.
ආහාර මගින් සහ හිරු එළියේ පාරජම්බුල කිරණ මගින් ශරිරයේ ඩී විටමින් උරා ගනී. මේවා අක්මාවේ ධාරණය වීමෙන් පසු වකුගඩු තුලදී ඩී විටමින් සක්‍රිය වේ.
07. රුධිර පිඩනය පාලනය කිරිම.
වකුගඩු තුල රුධිර සංසරනය අඩු වුව හොත් වකුගඩු මගින් රෙනින් සහ හෝමෝනය නිකුත් කිරිමෙන් ශරිරයේ රුධිර පිඩනය වැඩි කරනු ලබයි.
වකුගඩු අකරණය යනු කුමක්ද?
වකුගඩුව මගින් ඉටු කරනු ලබන සාමාන්‍ය ක්‍රියාකාරකම් පියවරෙන් පියවර අඩුවීමෙන් ශරිරයේ සිදුවන භෞතවේදිය ක්‍රියාවලිය අක්‍රිය වීම වකුගඩු අකරණය නම් වේ.මෙසේ වකුගඩු අකරණය අවස්ථා දෙකකදී සිදුවේ.
1. තීව්‍ර වකුගඩු අකරණය
2. නිදන්ගත හෙවත් කාලික වකුගඩු අකරණය
තිව්‍ර වකුගඩු අකරණය පැය කිපයක සිට දින කිහිපයක් දක්වා තිබිය හැකි අතර මේ තතත්වය ක්ෂණිකව ප්‍රතිකාර මත යහපත් තත්ත්වයකට පත් කර ගත හැක. නමුත් නිදන්ඟත තත්ත්වය වසර 10 පමණ කාලයක සිට ශරිරය තුල තිබී කෙමෙන් කෙමෙන් වකුගඩු අකරණය තත්තවයට පත් කරවයි. මෙය කාලික වකුගඩු අකරණය යනුවෙන් හැදින්විය හැක.
කාලින වකුගඩු අකරණය ඇති විමට හේතු
හදුනාගත් හේතු
• දියවැඩියාව හෝ අධික රුධිර පිඩනය
• නිරන්තර මුත්‍රා ආසාදන
• වකුගඩු ගල්
• සර්ප දෂ්ඨන , වස විෂ පානය, බඹර - දෙඹර දෂ්ඨන වැනි සිදුවීම මත අතුරු ආබාධයක් ලෙස
සැක කරණ හේතු
• පලිබෝධ නාශක ශරිර ගත විම
• පාලනයකින් තොර ඖෂධ භාවිතය
• ලෝහ වර්ග ශරිරගත වීම
• ග්‍රාමිය මට්ටමින් සකස් කරන මධ්‍යසාර මෙන්ම වෙනත් මත්පැන් වර්ග පානය කිරිම.
කාලික වකුගඩු අකරණයේදී දැකිය හැකි රෝග ලක්ෂණ
1. රාත්‍රි මුත්‍රා පිටකරන වාර ගණන වැඩිවීම
2. මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම
3. මුත්‍රා පරික්ෂණයේදී මුත්‍රා වල ප්‍රෝටින තීබීම.
4. ශරි පිට කොන්ද වේදනාව
5. පාදවල වළලු කර හෝ මුහුණ ඉදිමීම.
6. සුදුමැලි බව
සැලකිය යුතු කරුණු
ඉහත රෝග ලක්ෂණ නොමැතිව වුවද කාලික වකුගඩු අකරණයට පත්වී තිබිය හැක.
මෙම රෝගය සම්බන්ධයෙන් දැනට සොයාගත් වැදගත් කරුණු සමූහයකි.
1. මෙම රෝගය වයස් තරාතිරමක් නොමැතිව මිනිස් සිරුරේ සැඟවී පවතී.
2. රෝග ලක්ෂණ නොමැතිව සිටින නිසා වසර ගණනක් සිට රෝගය තමන්ට ඇත්දැයි නොදැන සිටී.
3. රෝග ලක්ෂණ දැනෙනා විට වකුගඩු 40 % - 60% දක්වා අක්‍රිය වී අවසානය.
4. රෝග ලක්ෂණ සමග රෝගය හදුනාගෙන ලබා දෙන ඖෂධ නිවැරදිව භාවිතා කල හොත් තව දුරටත් වකුගඩුව දුර්වලවීම වලකා රෝගය සුවකර නීරෝගීතාවය දීර්ඝ කර ගත හැක.
5. මෙම රෝගය වැළදුනු පසු නිට්ටාවට සුවකරගත නොහැක.
6. මෙම රෝගය තිබේදැයි හදුනා ගැනීම සදහා මූත්‍රා සමග ප්‍රොටීන් පිටවනවාදැයි පරීක්ෂා කිරීම.
වසරකට වරක්වත් මූත්‍රා පරීක්ෂා කිරීම සහ ඉන් රෝගය වලක්වා ගැනීමට කටයුතු කල හැක.
වකුගඩුවක මූත්‍රා පෙරීමේ මූලික අවස්ථාව
කාලික වකුගඩු අකරණය කල් ඇතිව හදුනා ගැනීම.
ඔබේ මූත්‍රා සාම්පලයක් වසරකට දෙවරක්වත් ප්‍රොටීන්, ඇල්බියුමින් සදහා පරීක්ෂා කිරීම.
ඇල්බියුමින් පරීක්ෂාවේදී එක් වරක් නොව වාර 02 – 03 පරීක්ෂා කිරීම.
පෙර දින ඔබගත් ආහාරය අනුව ජලය ප්‍රමාණය අනුව මූත්‍රාවල වෙනස්කම් සිදුවිය හැක.
වෙනත් රෝග තත්වයන් නිසාද මූත්‍රාවල ඇල්බියුමින් තිබිය හැක.

කාලික වකුගඩු අකරණය වලක්වා ගැනීමට නම් පිළිපැදිය යුතු උපදෙස්
• ළමා අවධියේ සිට සහ වැඩිහිටි අවධිය දක්වා නිතර නිතර ඇතිවන මූත්‍රා ආසාධන වාර ගණන අඩු කර ගැනීමට කටයුතු කිරීම.
• කෘෂි කාර්මික කටයුතු සදහා පළිබෝධනාශක ඉසීමේ ආරක්ෂිත ක්‍රම භාවිතය සහ සාම්ප්‍රදායික කෘෂි ආරක්ෂක ක්‍රම භාවිතය ආරම්භ කිරීම.
• නිවසේදී භාවිතා කරන අළුමීනියම් ගෘහ උපකරණ වෙනුවට මැටි ගෘහ උපකරණ භාවිතය.
• දියවැඩියාව,රුධිර පීඩනය වලක්වා ගැනීමට සහ පාලනයට අදාල යහපත් ජීවන රටාවක් පවත්වා ගෙන යාම.
• වේදනා නාශක ඖෂධ වර්ග අනිසි ලෙස භාවිතා නොකිරීම.
• වැඩිහිටියෙකු දිනකට පිරිසිදු ජලය ලීටර් 2 – 3 ( බෝතල් 06 ක් ) පමණ පානය කිරීම.
• ග්‍රාමීය මට්ටමේ සකස් කරන මධ්‍යසාර මෙන්ම වෙනත් මත්පැන් වර්ග පානය කිරීමෙන් වැළකීම.
• වසරකට දෙවරක්වත් මූත්‍රා පරීක්ෂණයට භාජනය කිරීම.
• සර්ප දෂ්ඨනවලින් ආරක්ෂා වීම සහ වස විෂ ශරීරගත වීම වලක්වා ගැනීම.






Post a Comment