ඊසානදිග ඇෆ්ගනිස්තානයේ බඩක්ෂාන් (Badakhshan) ප‍්‍රාන්තයේ ඊයේ (02) සිදු වූ නායයාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 350 අධික ගණනක් මියගොස් 2000කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශ කළා. නිවාස සිය ගණනක් පස් කඳුවලට යට වී ඇති අතර මේ වන විට අතුරුදන් වූ පුද්ගලයින් සෙවීම ආරම්භ කර ඇත.
මේ දිනවල උතුරු හා නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට අධික වර්ශාවක් ඇදහැලෙන අතර පුද්ගලයින් 150ක් පමණ දියගැලීම් හේතුවෙන් මිය ගොස් ඇත. වාර්තා වන අන්දමට මෙය ඇෆ්ගනිස්තානයේ විශාලම ස්වාභාවික අනතුරුවලින් එකකි.







Post a Comment