>

Friday, May 2, 2014

Pin It

Widgets

සිරිපා මළුව වටා රැස් වළල්ලක් විහිදෙයි






සිරිපා කඳු මුදුනේ සිරිපා මළුව වටා රැස් වළල්ලක් විහිදී යන අසිරිය දුටු බව සිරිපා වන්දනාවේ ගිය බැතිමතෙක් පවසයි. එම රැස් වළල්ලේ ඡායාරූපයක් සිරිපා මළුවේ සිට කිලෝමීටර් පහ හයක දුරකදී කැමරා කාචයේද මේ බැතිමතා සටහන් කරගෙන තිබේ.අරණායක පදිංචි රංජිත් සුනන්ද නමැති මේ බැතිමතා රත්නපුරයට පැමිණ එම ඡායාරූපය ශ්‍රීපාදස්ථානාධිපති උෟව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් වෙත පෙන්වා ඇත.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති මෙවර සිරිපා වන්දනාව නිම කිරීමේ පෙරහර සම්බන්ධ සාකච්ඡාවකදී මේ ඡායාරූපය ඉදිරිපත් කරන ලදී.
එහිදී රංජිත් සුනන්ද මහතා මෙසේ පැවැසීය. මාගේ දරුවෝ තිදෙනා සිරිපා වන්දනාවේ ගොස් තිබුණේ නැහැ. මමත් බිරියත් ඥාති හිතවතුන් පිරිසක්ද සිරිපා වන්දනාවේ ගියා. අපි රාත්‍රි අටට පමණ හැටන් මාර්ගයෙන් කරුණා කිරීම ආරම්භ කළා. අවුරුදු 83ක අයකුද අප සමඟ කරුණා කළා.

අලුයම තුන පමණ වන විට උඩ මළුවට ගොස් සිරිපා වැඳ ආපසු පැමිණියා. පාන්දර පහයි පහට මම මේ දර්ශනය දුටුවා. මා සමඟ ඒ වෙලාවේ මගේ දියණියක්ද සිටියා. ඇයගේ කැමරාවෙන් එය ඡායාරූප ගත කළා. රැස් වළල්ල සිරිපා කඳු මුදුනේ හොඳින් විහිදුණා.
ශ්‍රීපාදස්ථානයට වර්තමානයේදී සිදු කෙරෙන පුද පූජාවල මහිමයෙන් මෙවැනි ආශ්චර්යවත් දේ සිදුවෙනවා විය හැකියි.
මේ සම්බන්ධව 'මව්බිම' ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් ගෙන් ඊයේ (30දා) පැල්මඬුල්ල රාජමහා විහාරයේදී කරුණු විමසීය. එහිදී උන්වහන්සේ මෙසේ පැවැසූහ.

මේ අසිරිමත් දර්ශනය සියැසින් දුටු අය එය ඡායාරූපගත කර මා වෙත ගෙනවිත් පෙන්නුවා. පසුගිය මැදින් පුර පසළොස්වක පොහෝදා සිරිපා මළුවේ පින්කමට වැඩම කළ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියන්ද මෙවැනිම අසිරිමත් දර්ශනයක් රාත්‍රියේදී දුටු බව පැවැසුවා. ශ්‍රීපාදස්ථානය බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක්. බුදුරජාණන් වහන්සේගේ පාද සලකුණ සනිටුහන් කරන ලද උත්තම පුණ්‍ය භූමියයි.
සුමන සමන් දෙවිඳුන් වැඩ සිටින අඩවියයි. එවැනි උතුම් පින් බිමක ආගමික චාරිත්‍ර සහ තේවාවන් නිසි ලෙස ඉටු කරනවා. අපි විශ්වාස කරනවා ඒ නිසා මෙවැනි අසිරිමත් දර්ශන දකින්න ලැබෙනවා ඇති කියලා. ====================

(උපුටා ගැනීම මව්බිම )

Post a Comment

 
Copyright © 2013 අපි දන්නා නොදන්නා දේ ........
Design by FBTemplates | BTT
Share