>

Monday, February 24, 2014

Pin It

Widgets

බුදුදහමෙහි අගය ඇමෙරිකානුවන්ට දැනේ



පසුගිය වසර කිහිපයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ තරුණ පිරිස් අතර බුදුදහම පිලිබඳ ඇති උනන්දුවෙහි නව වර්ධනයක් ඇතිවී තිබෙන බව වොෂින්ටන් බෞද්ධ විහාරාධිපති ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක මහරගම ධම්මසිරි නාහිමියන් පවසති.

උන්වහන්සේ මෙසේ පවසන්නේ වොෂින්ටන් විහාරස්ථානයේ පැවැත්වෙන භාවනා පන්ති සඳහා සහභාගීවීමට තරුණ

ඇමෙරිකානුවන් දක්වන උනන්දුව සලකා බලමිනි.

වොෂින්ටන් නගරයේ පාසල් වලත් විශ්ව විද්‍යාල වලත් ඉගෙනුම ලබන සිසුන් සහභාගීවන භාවනා පන්ති සහ බෞද්ධ අධ්‍යාපන වැඩ සටහන් කිහිපයක්ම විහාරස්තානයේදී පැවැත්වෙයි.

අග්ගමහා පණ්ඩිත මඩිහේ පඥාසීහ මහනා හිමියන් විසින් 1965දී ස්ථාපිත කරන ලද වොෂින්ටන් බෞද්ධ විහාරය ඇමෙරිකාවේ ආරම්භ කළ ප්‍රථම ථෙරවාද විහාරස්ථානයයි.

නිර්මල බුදුදහම පිළිබඳව දැන හැඳින ගැනීම මෙන්ම අධ්‍යයනය කිරීම සඳහා උනන්දුවක් දක්වන්නන් හට අවශ්‍ය උදව් උපකාර සහ පහසුකම් සලසාදීම මෙන්ම බෞද්ධ සැදැහැවතුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා කටයුතු කිරීමද මෙම විහාරස්ථානයෙන් ඉටුවන මහඟු සේවාවකි.

වොෂින්ටන් නගරයේ පදිංචි ශ්‍රී ලාංකික මෙන්ම වෙනත් ජාතීකයෝද විහාරස්ථානයේ පැවැත්වෙන බන භාවනාදී වැඩ සටහන් සඳහා සහභාගී වෙති.

සතියේ හැම දිනකම භාවනා පන්ති පැවැත්වෙයි. මෙවර භාවනා පන්ති සඳහා සහභාගීවුයේ වොෂින්ටන් නුවර නැෂනල් කැතීඩ්‍රල්

පාසැලේ සිසු සිසුවියන්ය. අනුශාසනාව පවත්වන ලද්දේ මහරගම ධම්මසිරි නාහිමියන් විසිනි. භාවනා වැඩසටහන මෙහෙයවුයේ මණ්ඩාවල පඥාවංශ හිමියන් විසිනි. මන්ත්‍රීතැන්නේ සද්ධාලෝක හිමියන් භාවනා වැඩසටහන මෙහෙයවීම සඳහා සහාය විය.

වොෂින්ටන් වැනි තුන් තිස් පැයෙහිම ක්‍රියාත්මක සුවිසල් කාර්යබහුල අවිවේකී නගරයක ජීවත්වන්නන්හට බෞද්ධ භාවනා තුලින් අනුපමේය චිත්ත සමාදානයක් ලබාගත හැකිවන බව තමන්හට වැටහී ඇති නිසා මෙම භාවනා පන්ති සඳහා සහභාගීවන බව වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සිසුවියක කීවාය.

Post a Comment

 
Copyright © 2013 අපි දන්නා නොදන්නා දේ ........
Design by FBTemplates | BTT
Share