Sunday, March 2, 2014
අවසානයේ ඇමරිකාවත් රවණා ඉතිහාසය පිළිගත්තා ද?
ලංකා ඉතිහාසයේ හමුවන ප්‍රථම අධිරාජ්‍යයා වන්නේ රාවණ රජුය. ලංකා පුරය රාජධානිය කරගත් හෙතෙම අහසින් යා හැකි දඬුමොණර යන්ත්‍රය උපයෝගී කරගනිමින් අසල්වැසි රාජ්‍යයන් හා සම්බන්ධකම් පැවැත්වූ බවට අතීත ජනප්‍රවාදයන්හි සඳහන් වේ. පුරාවිද්‍යාඥයෝ හා ඉතිහාසඥයෝ මෙම රාම රාවණා කතා පුවත් විශ්වාස කිරීමට මැලි බවක් දැක්වුවද ඇමරිකාවේ ජාතික ගඟන හා අජටාකාශ ආයතනය (නාසා) මේ වනවිටත් ලොව සියළු දෙනාගේ අවධානය මේ වෙත යොමු කිරීමට හේතුවන සාධක ඉදිරිපත් කර ඇත. මේ අනුව ලොව මිනිසුන් විසින් තනන ලද පැරණිතම පාලම හෙළයින් විසින් හෙළදිව සහ ඉන්දියාව යා කරමින් තනා තිබූ බව පවසන නාසා ආයතනය පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප ප්‍රතිබිම්බ ගත කරමින් දීර්ඝ කාලයක් කරන ලද පර්යේෂණ මඟින් ඒ බව තහවුරු කිරීමට හැකි බව පෙන්වා දෙයි.
නාසා ආයතනය තව දුරටත් පවසන්නේ මෙම පාලමටම විශිෂ්ට වූ වක්‍රතාවය හා එය නිර්මාණය කරන ලද කාලය සලකා බැලීමේදී මෙය ස්වාභාවික නිර්මාණයක් විය නොහැකි බවත් මිනිසාගේ නිර්මාණයක් බවත් ය. නාසා ආයතනය පවසන පරිදි ලංකාවේ මානව ජනාවාස බිහිවීම අදින් වසර 17,50,000ක පමණ ඈත අතීතයකට දිවයයි. රාමායණයට වස්තුබීජ වූ වකවානුවේ ලංකාවේ ඉතාමත්ම දියුණු ශිෂ්ටාචාරයක්ව තිබෙන්නට ඇතැයි පිළිගන්නා නාසා ආයතනය මෙම පාලම නිර්මාණය කරන්නට ඇත්තේ ඒ දියුණු මිනිසුන් විසින් බවට සැක කරයි.
ජනප්‍රවාදයට අනුව රාමාගේ වානර හමුදාවේ නායක "හනුමාන්" විසින් ගොඩ නගන ලද පාලම මෙය වේ. පසු කාලයක කුමක් හෝ සිදු වී මෙම පාලම කැඩී ගොස් ,මුහුදු පතුලට ගිලා බැස්සද ,අදද එම මුහුදු පාලම ,මුහුද යට තිබෙනවා දැක ගත හැක. කෘතිම චන්ද්‍රිකා මගින් ගන්නා ලද ඡායාරූපත්, දකුණු ඉන්දියාවේ වෙරළ බඩ කලාපය තුළ දක්නට ඇති එම පාලමේ කොටස්ද ඒ බව සනාථ කරයි.
මෙම පාලම නූතනයේ ආදම්ගේ පාලම (Adam’s Bridge), හනුමාගේ පාලම (Hanuman’s Bridge), රාවණාගේ පාලම (Ravana Bridge), රාමාගේ පාලම (Rama Bridge), සේතු සමුද්‍රම් (Sethu Samudhram), පෝක් සමුද්‍ර සන්ධිය (Pork Strait) යන නම් වලින් හදුන්වනු ලබයි.
"රාවණා" චරිතය පිළිබදව ඇති බොහෝ වෙබ් අඩවි පවසනුයේ මෙම පාලම හනුමා විසින් නොව රාවනා රජු විසින් තැනූ බවයි. අද වන විට ඉන්දියානු විද්වතුන් පවා එම මතයම පිළිගෙන ඇත.
මෙම පාලම තැනීමට යෙදූ තාක්ෂණය ඉතාමත් පොහොසත් තාක්ෂණයකි. එම නිසා වානරයන් පිරිසකට මෙවන් තාක්ෂණයකින් යුක්ත, ශක්තිමත් පාලමක් කිසි විටෙකත් තැනිය නොහැක. එමෙන්ම රාමාටද ඔහුගේ පියාගෙන්වත් මේ සදහා සහයෝගය නොලැබුණේ නම් ඔහුටද මෙවැනි පාලමක් තැනිය නොහැක.
රාවණා රජු මෙම පාලම ඔස්සේ ඉන්දියාවට ගොස් යුද්ධ කළ බව ඇතැම් පොත්පත් වල දැක්වේ. මෙම මතයන් නිවැරදි හෝ වැරදි වූවද, පාලම මගින් "රාම රාවණා" කතා පුවත සැබෑවක් බව සනාථ වේ. එම පුවත සැබෑවක් නම් "රාවණා" චරිතය සත්‍ය චරිතයක් බව කදිමට පැහැදිලි වේ.
සත්‍ය කිසි දිනෙක වසන් කළ නොහැක. මානව ඉතිහාසයේ උච්චතම අවස්ථාවන් ගවේශණයේ දී හෙළ ඉතිහාසය පසෙකලා කටයුතු කළ නොහැක. එය මේ වන විට නාසා ආයතනය පවා හදුනාගෙන ඇත.
Subscribe to:
Post Comments (Atom)






Post a Comment