>

Sunday, July 13, 2014

Pin It

Widgets

---------වතුර බොමු -----------



තිබහ ආවම වතුර ටිකක් බීවම මදෑ කියල හිතන්න එපා...

------------------------------------------------------------------
දීර්ඝ කාලීනව ජලය අඩුවෙන් පානය කිරීම නිසා,


- වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුබල වීම
- මුත්‍රා ගල් ඇතිවීම
- රුධිර පීඩනය අවිධිමත් වීම
- හිසරදය
- ආහාර නොදිරවීම
- සම මතුපිට ආසාධන
- උඩු සම වියලී යාම
- කබර කොරපොතු

වැනි තත්වයන් ඇතිවෙන්න හේතු වෙනවා

----------------------------------------------------------
නිතරම වතුර බොනවා නම් ලැබෙන වාසි

- සිරුරේ බර පාලනය කරයි
(ජලයේ කැලරි අඩන්ගු නැහැ. ඒ නිසා වැඩිපුර ජලය පානය කිරීමේදී ආහාර ගැනීමේදී මෙන් බර වැඩිවීමක් වෙන්නේ නෑ)

- හිසරදයට ස්වාභාවික ප්‍රතිකර්මයකි
(හිසරදය ඉරුවාරදය වැනි රෝගයන්ට ප්‍රධාන හේතුවක් තමයි ජලය මදිකම)

- නීරෝගී සමක් ලැබීම
(සමෙහි පවතින තෙතමණය නිසි මට්ටමක පවතිනවා, සම වේලී යාමෙන් විවිධ ආසාදන තත්වයන් ඇති වෙන්නෙ නෑ. නීරෝගී දිදුලන සමක් ඔබට හිමි වෙනවා)

- ඔබේ හදවත සුවෙන් තබයි

- එදිනෙදා මහන්සී වී වැඩ කරන විට අලස බව උදාසීන බව මගහරියි
(මොළයේ සක්‍රීයත්වයට උදව් වෙනවා)

- ශරීර උශ්නත්වය පාළනය වීම
(ශරීරයට වැඩි ජවයක් ඇති බව ඔබට තේරෙන්න පටන් ගන්නවා)

- ආහාර ජීරණයට පහසු වෙනවා
(ආහාරයේ ඇති තන්තුමය කොටස් හා ජලය එකතු වීමෙන් දිරවීමේ ක්‍රියාවලිය ඉතා පහසු කරවනවා.. මල බද්ධය, අර්ශස් වැනි රෝග තත්ව ඇති වන්නේ නැහැ.)

- මස්පිඩු පෙරලීම්, උළුක්කු වීම් අවම වෙනවා
(සන්ධි හා මස්පිඩු අතර ගැටීම නිසි ආකාරයෙන් ක්‍රමවත්ව සිදු වෙනවා)

- මුත්‍රාශයේ ගල් ඇතිවීම අවම කරනවා

- ශ්වසනාබාධ, බඩවැල් ආශ්‍රිත රෝග, රක්තවාතය, ආමවාතය (ආතරයිටිස්) වැනි රෝග අවම කරනවා

- ප්‍රතිශක්තීකරණ හැකියාව ඉතා ඉහල මට්ටමක පවත්වා ගන්නවා

- පිළිකා වැනි නිට්ටාවටම සුව නොවන රෝගී තත්වයන් ඇතිවීම අවම කරනවා

------------------------------------------------
ශරීරයට ප්‍රමාණවත් තරම් ජලය ලැබෙන්නේ නැත්නම්?

- මුත්‍රා අව්පැහැ ගැන්වෙනවා

- උඩු සම වියලී යාමෙන් නිසි වයසෙට පෙර සම වියැකී යනවා

- අධික වෙහෙසක් නිතරම දැනෙන්න ගන්නවා

- 20%ට වඩා විජලනය වූවිට මරණයද සිදුවන්නට පුළුවන්

--------------------------------------------------
ඉතින් දැන් කොච්චර වතුර බොන්න ඕනද?

වැඩුනු මිනිසෙක් අවම වශයෙන් දිනකට වතුර ලීටර 2ක්වත් අවම වශයෙන් පාණය කල යුතුයි කියලයි වෛද්‍යවරු නිර්දේශ කරන්නේ.

-----------------------------------------------------
මිනිස් සිරුර වැඩියෙන්ම තියෙන්නේ මොනවද?

ඇත්තටම මිනිස් සිරුරේ කොතැනක උණත් 60% - 70% ප්‍රමාණයක් ජලය තමයි පවතින්නේ

- රුධිරයේ 83%
- මොළයේ 75%
- හදවතේ 79%
- අක්මාවේ 86%
- වකුගඩු වල 83%
- මස්පිඩු වල 75%
- අස්ථිවල 22%

ප්‍රතිශතාත්මකව ජලය පවතිනවා..

ඇත්තටම කේශාන්තයේ සිට පාදාන්තය දක්වා හැම අස්සක් මුල්ලකම තියෙන්නේ ජලය. ඒ නිසා නිතරම හැකි පමණ ජලය පානය කරන්න ඔබත් පුරුදු වෙන්න ඕනි. මොකද ජලය වැඩිපුර පානය කිරීමෙන් රෝග ඇතිවෙනවා කියලවත් යම් හෝ ආසාධනයන් ඇති වෙනවා කියලවත් කවුරුත් කොහෙවත් කියලා හෝ සොයාගෙන නෑ.

Post a Comment

 
Copyright © 2013 අපි දන්නා නොදන්නා දේ ........
Design by FBTemplates | BTT
Share